රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2025 අතුරු සම්මත ගිණුම: ප්‍රතිපාදන වැඩියෙන්ම ලැබුණු අමාත්‍යාංශ මොනවා ද?

දෙසැම්බර් 6 වැනි දින, පාර්ලිමේන්තුව විසින් 2025 වර්ෂය සඳහා වන අතුරු සම්මත ගිණුම (vote on account) ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි. 2025 වසරේ මුල් මාස හතර තුළ රජයේ වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙමගින් වෙන් කරන ලදි.  

2025 සඳහා වන අතුරු සම්මත ගිණුමෙන් රුපියල් බිලියන 220 ක් වූ වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට හිමි වී ඇත. මින් රුපියල් බිලියන 203 ක් වැනි සැලකිය යුතු කොටසක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇත. 2024 වර්ෂයේදී වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබුණේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1,077 ක් හිමි විය. 

2025 වර්ෂයේ අතුරු සම්මත ගිණුම මගින් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් හිමි වී තිබූ අමාත්‍යාංශ 8 සඳහා මුළු ප්‍රතිපාදන ප්‍රමාණයෙන් 92% ක් වෙන් වී ඇත. මේ අතුරින්, රුපියල් බිලියන 196 ක් වන දෙවනුවට වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට හිමි වී ඇත. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය (රු. බිලියන 186) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය (රු. බිලියන 162) වැනි අනෙකුත් ප්‍රධාන අමාත්‍යාංශවලට ද සැලකිය යුතු ලෙස විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇත. 

සටහන 

ඉහත සංඛ්‍යාලේඛනවලට ඇතුළත් කර ඇත්තේ අතුරු සම්මත ගිණුමේ පළමු උපලේඛනයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පමණි. ණය සේවා පිරිවැය හැර වියදම්වලින් බහුතරයක් එම පළමු උපලේඛනය මගින් ආවරණය කෙරේ. 

2024 ට අදාළ වන වියදම් දැක්වමේදී ණය සේවා පිරිවැය බැහැර කර ඇත. 

මූලාශ්‍ර 

දෙසැම්බර් මස 05 වැනි දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය.  https://parliament.lk/uploads/documents/orderpapers/1733334762034758.pdf   

අනුමත සවිස්තරාත්මක අයවැය ඇස්තමේන්තු 2024, මුදල් අමාත්‍යාංශය. https://www.treasury.gov.lk/web/2024-approved-detailed-budget-estimates   

පර්යේෂණය: චතුනි පබසරා සහ අනුෂන් කපිලන් 

දෘශ්‍යකරණය: සදිනි ගල්හේන 

2024-12-10
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න