මීට පෙර අතුරු සම්මත ගිණුම හරහා වසරේ පළමු මාස 4 සඳහා පමණක් අරමුදල් වෙන් කරන ලද අතර අනතුරුව, 2025 ජනවාරි 9 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මගින් 2025 සම්පූර්ණ වර්ෂය සඳහා රජයේ වියදම්වලට අදාළ අරමුදල් වෙන් කර තිබේ. විසර්ජන පනත් කෙටුම්පතේ පළමු උපලේඛනය මගින් 2025 වසර සඳහා ණය සේවාකරණයට අදාළ නොවන වියදම් ලෙස රුපියල් බිලියන 4,218 ක් රජය විසින් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියන 2,898 ක් පුනරාවර්තන වියදම් සඳහා ද, රුපියල් බිලියන 1,320 ක් ප්‍රාග්ධන වියදම් සඳහා ද වෙන් කර ඇත.
2025 විසර්ජන පනත් කෙටුම්පත වෙතින් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණයක් ලැබී ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 714 කි. 2024 වර්ෂයේ දී මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 1,077 ක් වෙන් කර තිබූ අතර එම මුදලට සාපේක්ෂව මෙය සැලකිය යුතු අඩුවීමක් සනිටුහන් කරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට දෙවනුවට වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය වන රුපියල් බිලියන 508 ක මුදලක් ද, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 497 ක ප්‍රතිපාදන ද , ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට ප්‍රධාන වශයෙන් රුපියල් බිලියන 421 ක ප්‍රාග්ධන වියදමකින් සමන්විත වන රුපියල් බිලියන 473 ක ප්‍රතිපාදන ද ලැබී ඇත. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 442 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 271 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ (අධ්‍යාපනය සඳහා අඩුම රාජ්‍ය වියදමක් ඇති රටවල් අතරින් තුන්වන ස්ථානය හිමි වනනේ ශ්‍රී ලංකාවටයි). අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති මුළු ප්‍රතිපාදන ප්‍රමාණයෙන් 90% ක් වැඩියෙන්ම ප්‍රතිපාදන ලැබුණු අමාත්‍යාංශ අට විසින් හිමි කරගෙන ඇත.
නීති මගින් නියම කර ඒකාබද්ධ අරමුදල මත අය කර ගනු ලබන රජයේ වියදම් පිළිබඳ විස්තර ද ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන උපලේඛනය මගින් රුපියල් බිලියන 4,617 ක් වෙන් කර ඇති අතර එය 2024 දී රුපියල් බිලියන 6,966 ක් විය. දෙවන උපලේඛනයේ වියදම්වලින් බහුතරයක් ණය සේවාකරණ ගෙවීම් සඳහා වෙන් කර ඇති අතර, පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2,944 ක් සහ ප්‍රාග්ධන ආපසු ගෙවීම් සඳහා රුපියල් 1,595 ක් වෙන් කර ඇත. එක්ව ගත් කළ, දෙවන උපලේඛනයේ සමස්ත වියදමෙන් 98% ක් මෙමගින් නියෝජනය කෙරේ.
විසර්ජන පනත් කෙටුම්පත වෙත ප්‍රවේශය: මුදල් අමාත්යාංශය "විසර්ජන පනත් කෙටුම්පත - විසර්ජන පනත 2025
සටහන
සටහන 1 : ණය සේවාකරණ පිරිවැය හැර අනෙකුත් වියදම්වලින් බහුතරයක් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පතේ පළමු උපෙලේඛනය මගින් වෙන් කර ඇති ප්‍රතිපදාන පමණක් සැලකිල්ලට ගෙන ඇත.
සටහන 2: වියදම් පිළිබඳ සංඛ්‍යාලේඛනවලට ණය සේවාකරණ වියදම් ඇතුළත් නොවේ.
මූලාශ්‍ර:
විසර්ජන පනත් කෙටුම්පත 2025, https://www.treasury.gov.lk/api/file/3737aed8-b53d-4996-a61b-c8fd4bd2f875
විසර්ජන පනත 2024, https://www.treasury.gov.lk/api/file/fe005a51-a874-47ea-b5c2-f94e078fdb39
අනුමත සවිස්තරාත්මක අයවැය ඇස්තමේන්තු 2024, මුදල් අමාත්යාංශය. https://www.treasury.gov.lk/web/2024-approved-detailed-budget-estimates
Research by: Chathuni Pabasara and Anushan Kapilan
Visualisation By: Sadini Galhena