රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
2023 අයවැයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 382කින් මග හැරී ඇත

2024 මැයි 31 වැනි දින නිකුත් කරන ලද මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ 2023 ප්‍රදාන ඇතුළු සමස්ත ආදායම අයවැය ඉලක්කයට වඩා රුපියල් බිලියන 382 කින් එනම් 11% කින් අඩු වී ඇති බවයි. වර්ෂ 2023 දී, සමස්ත සැබෑ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 3,074 ක් වූවත් , 2023 වසර සඳහා 2022 වර්ෂාවසානයේදී අනුමත ඇස්තමේන්තුව වූයේ රුපියල් බිලියන 3,456 කි.  ආදායම් පරතරයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට දායක වෙමින් , අදායම් හිඟය සඳහා ප්‍රමුඛතම හේතු සැපයූ සංරචකය වනුයේ එකතු කළ අගය මත බද්දයි. එය සංඛ්‍යාත්මක වශයෙන් ඇස්තමේන්තුගත ආදායමට වඩා රුපියල් බිලියන 214 (24%) ක අඩුවීමකි . ඊට අමතරව, සුරාබදු ආදායමද සැලකිය  යුතු ලෙස රුපියල් බිලියන 88කින්  පහත වැටුණි. 

අනෙක් අතට, ඇතැම් ආදායම් සංරචක ඔවුන්ගේ අනුමත ඇස්තමේන්තු ඉක්මවා ගොස් ඇත. රඳවා ගැනීමේ බදු සහ උපයන විට ගෙවීමේ බදු  (PAYE) පිළිවෙළින් රුපියල් බිලියන 68 සහ රුපියල් බිලියන 45 ක අතිරික්තයක් උත්පාදනය කර, ඔවුන්ගේ ඉලක්කගත ආදායමට  වඩා 76%කිින් සහ 45%කින් ඉක්මවා ඇත. 2023 වසර ආරම්භයේදී, රඳවා ගැනීමේ බදු සහ උපයන විට ගෙවීමේ බදු නැවත හඳුන්වාදීම මෙම වැඩිවීමට හේතු විය හැක.  

1 වගුව: 2023 සඳහා අයවැයට සාපේක්ෂව රජයේ සැබෑ ආදායම්   

ආදායම්  

2023 සංශෝධිත ඇස්තමේන්තුව  

2023 සැබෑ   
ආදායම  

අපගමනය (රු.බිලියන)  

අපගමනය  

සමස්ත ආදායම සහ ප්‍රදාන 

3,456  

3,074  

(382)  

-11%  

එකතු කළ අගය මත බදු 

908  

694  

(214)  

-24%  

සුරාබදු 

557  

469  

(88)  

-16%  

ජාත්‍යන්තර වෙළඳාම මත බදු  

458  

392  

(65)  

-14%  

ආයතනික ආදායම් බදු  

597  

555  

(42)  

-7%  

රඳවා තබා ගැනීමේ බදු  

90  

158  

68  

76%  

උපයන විට ගෙවීමේ බදු (PAYE) 

100  

145  

45  

45%  

මූලාශ්‍රය  

මුදල් අමාත්‍යාංශයේ අවසන් අයවැය ස්ථාවර වාර්තාව (වාර්ෂික වාර්තාව) 2023' https://www.treasury.gov.lk/api/file/ad12f7fa-d2db-43d4-9daa-9270ee7b7cac [අවසන් වරට ප්‍රවේශ වූයේ 2024 අගෝස්තු 7].  

මුදල් අමාත්‍යාංශයේ 'අයවැය ඇස්තමේන්තු 2023' https://www.treasury.gov.lk/api/file/e286b9e4-59b1-406f-b324-12f2b46969f2 [අවසන් වරට ප්‍රවේශ වූයේ 2024 අගෝස්තු 7]. 

2024-08-09
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න