ජාතික ප්‍රතිපත්ති රාමුව: ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ නිල ප්‍රතිපත්ති ලේඛනයයි. එනිසා මෙම ප්‍රතිපත්ති ලේඛනයේ සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටීයි. මින් බහුතරයක් ක්‍රියාත්මක කිරීම සඳහා මූලික පියවරක් ලෙස රජය ජාතික අයවැය තුළින් මුදල් වෙන් කළ යුතුය.
මෙම ග‍්‍රැෆික් සටහන මඟින් 2021 අයවැය හරහා ප්‍රතිපාදන වෙන් කර ඇති ප්‍රතිපත්ති සංඛ්‍යාව පිළිබඳ සාරාංශයක් ගෙන හැර දැක්වේ.
පූර්ණ ප්‍රතිපාදන - ප්‍රතිපත්ති යෝජනාවේ සඳහන් සියලු අංග සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත. එහෙත්, මුල්‍යමය වශයෙන් එම ප්‍රතිපාදන ප්‍රමාණවත් දැයි සහතික කිරීමට නොහැක.
අර්ධ ප්‍රතිපාදන - ප්‍රතිපත්ති යෝජනාවේ සමහර අංග සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැත
ප්‍රතිපාදන නොමැත - ප්‍රතිපත්ති යෝජනාවේ කිසිදු අංගයක් සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැත.
සටහන: මෙම විශ්ලේෂණය සිදු කිරීමේදී අයවැය ප්‍රතිපාදන අවශ්‍යවන ප්‍රතිපත්ති පමණක් සැලකිල්ලට ගෙන ඇත. රෙගුලාසි, පාලනය සහ නෛතික ව්‍යුහයන් ආදිය වෙනස් කිරීමට අවශ්‍ය වන ප්‍රතිපත්ති කිසිවක් මීට ඇතුළත් කර නොමැත.
එක් එක් අංශ යටතේ ඇති ප්‍රතිපත්ති පිළිබඳ වැඩි විස්තර සඳහා:එක් එක් අංශ යටතේ ඇති ප්‍රතිපත්ති පිළිබඳ වැඩි විස්තර සඳහා: