මූල්‍ය දුෂ්කරතාවයකින් තොරව සියලුම පුරවැසියන් සඳහා ප්‍රවේශ විය හැකි, උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා සඳහා ඇති අවශ්‍යතාවය ප්‍රතිපත්ති ප්රකාශනයෙන් අවධාරණය කෙරේ. ගෝලීය ප්රමිතීන් සපුරාලීමට සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමට, මූල්‍යකරණය, මානව සම්පත් සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම ඇතුළු, සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් මෙමගින් යෝජනා කර ඇත.
මෙම පොරොන්දු සහතික කරමින් කාර්යක්ෂම හා රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් සැමට ලබා දීම සඳහා ජාතික අයවැය හරහා අරමුදල් අවශ්‍ය වේ.
කෙටි කාලයක් තුළ අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක් දක්වා සෞඛ්‍ය සඳහා රජයේ වියදම් ක්‍රමයෙන් වැඩි කිරීම.
රැකියාව අතරතුර අනතුරුවලට ලක්වන සේවකයින්ට නැවත රාජකාරිවලට පැමිණෙන තෙක් වෛද්‍ය වියදම් ආවරණය සහ සුදුසු දීමනාවක් ලබදීම.
සෑම දිස්ත්‍රික්කයකම/පළාතකම පහසුකම් සහිත පුළුල් හෘද රෝග ඒකකයක්, පිළිකා රෝග ඒකකයක්, අක්ෂි ඒකකයක් සහ වකුගඩු රෝග ඒකකයක් ස්ථාපිත කිරීම.
රෝගීන්ගේ සහ රැකබලා ගන්නන්ගේ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වාධීන සේවා ප්‍රතිපෝෂණ ඒකකයක් ස්ථාපිත කිරීම.
ඖෂධ ආරක්ෂාව සහතික කිරීම සඳහා කාර්යක්ෂම ඖෂධ පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීම.
සෑම නගරයකම රජය සතු ඔසුසැල් ස්ථාපිත කිරීම.
සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ප්‍රදේශයකම ප්‍රාථමික මානසික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන පිහිටුවීම.
සෑම දිස්ත්‍රික්කයකම පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවීම.
සෑම රෝහලකම දෛනික ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම.
මූලාශ්‍රය
NPP ජනාධිපතිවරණ ප්රකාශනය 2024 https://www.akd.lk/policy/ හි [අවසන් වරට ප්‍රවේශ වූයේ 2025 පෙබරවාරි 11]