මාසික ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ඔක්තෝබර් මාසයේදී ඔක්ටේන් 92 පෙට්රල්වල වෙළඳ පොළ මිල ඉන්ධන මිල සූත්රයට සාපේක්ෂව රුපියල් 10 ක් වැඩි බවත්, ඔටෝ ඩීසල්වල වෙළඳ පොළ මිල, මිල සූත්රයට අදාළ මිලට සාපේක්ෂව රුපියල් 22 ක් වැඩි බවත් ඉන්ධන මිල ට්රැකරය පෙන්වා දෙයි.
ලෝක වෙළඳපොළේ මිල වෙනස්වීම්වලට අනුකූලව වෙනස් වන සූත්ර මිල ඔක්ටේන් 92 පෙට්රල් සඳහා සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී රුපියල් 15 කින් අඩු වී ඇත. මේ අතර, ඔක්ටේන් 92 පෙට්රල්වල දේශීය වෙළඳ පොළ මිල රුපියල් 21 කින් පහත වැටී ඇති අතර, මේ අනුව, ලීටරයක මිල රුපියල් 311 දක්වා අඩු වී ඇත.
ඔටෝ ඩීසල්වල සූත්ර මිල සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී රුපියල් 18 කින් අඩු වී ඇති අතර ඒ සඳහා දේශීය වෙළඳ පොළ මිල රුපියල් 24 කින් පහත වැටී ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 283 දක්වා අඩු වී ඇත.
මීට අමතරව, ඔක්තෝබර් මාසයේදී රජය විසින් ඔක්ටේන් 92 පෙට්රල් සඳහා රුපියල් 130ක් ද සහ ඩීසල් සඳහා රුපියල් 94ක් ද බදු වශයෙන් අය කරනු ලැබෙයි. මෙම බදු හැරුණු විට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක විකුණුම් මිල රුපියල් 171ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා එය රුපියල් 167 කි.