රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාව කොවිඩ් -19ට ප්‍රතිචාර දැක්වීම සඳහා දරූ වියදම සම ආසියානු රටවල්වලට වඩා බෙහෙවින් අඩු ය

මුදල් අමාත්‍යාංශයට අනුව,ශ්‍රී ලංකාව කොවිඩ් -19ට ප්‍රතිචාර දැක්වීම සඳහා 2020 වසරේදී රුපියල් බිලියන 117.5 ක් ද, 2021 ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලය තුළදී රුපියල් බිලියන 53.0 ක් ද, වියදම් කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති පථයේ දත්ත වලට අනුව,කොවිඩ් -19ට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වියදම එහි දකුණු ආසියානු සම රටවල් වලට වඩා බෙහෙවින් අඩු ය. මාලදිවයින, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි අනෙකුත්දකුණු ආසියානු රටවල් 2021 ජුනි මාසය වන විට කොවිඩ් -19ට ප්‍රතිචාරය සඳහා පිළිවෙලින් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.4, 2, 2.1, 3.5, 6.9 ක් වියදම් කර ඇත. සංසන්දනාත්මකව බලන කල්හි, එම කාලය තුළදී කොවිඩ් -19ට ප්‍රතිචාර සඳහා ශ්‍රී ලංකාව වැයකර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.8 ක් පමණි. මෙය සෞඛ්‍ය අංශයේ වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.1 ක් සහ සෞඛ්‍ය නොවන අංශයේ වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.7 ක් වේ.

කෙසේ වෙතත්අනෙකුත් දකුණු ආසියානු රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හි බරපතලකම ඊට බොහෝ දුරට සමාන හෝ වඩා නරක අගයක් ගනී.

https://ourworldindata.org/coronirus හි දත්ත මඟින් වාර්තා කර ඇති පරිදි ඉහත සඳහන් කළ දකුණු ආසියානු රටවල් සදහා 2021 ජූනි 30 වන විට කොවිඩ්-19 මිලියනයකට රෝගීන් සංඛ්‍යාව, මිලියනයකට මරණ සංඛ්‍යාව සහ මරණ අනුපාතය පහත වගුවේ දැක්වේ.

රට

මිලියනයකටමරණසංඛ්‍යාව

මිලියනයකටරෝගීන්සංඛ්‍යාව

මරණ අනුපාතය(මරණ / රෝගීන්සංඛ්‍යාව)

මාලදිවයින

          389

      136,526

0.28%

ඉන්දියාව

           289

       22,037

1.31%

ශ්‍රී ලංකාව

           144

        12,099

1.19%

ඇෆ්ගනිස්ථානය

           125

         3,048

4.10%

පකිස්ථානය

            101

         4,339

2.33%

බංග්ලාදේශය

            88

         5,545

1.59%

මූලාශ්‍රය: ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයෙන් පළකරන ලද කොවිඩ් -19 දත්ත

කොවිඩ් -19 වියදම් පිළිබඳ ඉහත රටවල් වල දත්ත

කොවිඩ් -19ට පාලන පියවරයන් වශයෙන් ශ්‍රී ලංකා රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.1ක ප්‍රතිශතයක්ද, සාර්ක් කොවිඩ් -19 හදිසිඅරමුදලට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.01 ක්) වෙන් කර ඇත. අවදානම් සහිත කණ්ඩායම් වෙත මුදල්ලබා දීම 2020 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6 ක් පමණ වූ අතර 2021 ජුනි වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.1 ක් පමණවිය.

ඉහතට සාපේක්ෂව, කලාපීය රටවල් COVID-19 ප්‍රතිචාර දැක්වුයේ පහත පරිදිය:

  • මාලදිවයින් රජය සෞඛ්‍ය අංශ සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය වැඩි කළ අතර සිවිල් වැසියන්ගේ විදුලි බිලෙන් සියයට 40 කටද  සහ ජල ගාස්තුවෙන් සියයට 30 කටද සහනාධාර ලබා දීමට කටයුතු කරණ ලදී. ඊට අමතරව, COVID-19 හේතුවෙන්රැකියා අහිමි වූවන්ට විශේෂ දීමනා ද ලබා දීමට කටයුතු කර ඇත.
  •  
  • ඉන්දියාව අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආහාර ද්‍රව්‍ය, ආහාර පිසීමට ගෑස්, සහ අනිකුත් අවශ්‍ය දෑ, සහ මුදල් (දළ දේශීයනිෂ්පාදිතයෙන් සියයට 1.2), අඩු වැටුප් ලබන සේවකයින් සඳහා වැටුප් ආධාරක සහ රැකියා (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට0.5 ක්) සහ සෞඛ්‍ය සේවා අංශයේ සහ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් වල සේවකයින් සඳහා රක්‍ෂණ ආවරණය (දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.1) ලබා දෙන ලදී.
  •  
  • ඇෆ්ගන් රජයේ වියදම් බලන කල්හි පරීක්ෂණාගාර ස්ථාපිත කිරීම, රෝහල් ගත කිරීම සහ සත්කාර ධාරිතාව ඉහළ නැංවීමසඳහා විශේෂ වාට්ටු පිහිටුවීම සහ බරපතල රෝග සදහා වන වෛද්‍ය සැපයුම් ලබා ගැනීම වැනි හදිසි සෞඛ්‍ය අවශ්‍යතාඇතුළත් විය.  2020 අප්‍රේල්-ජූනි සිට කාබුල් නගරයෙහි සිටින දුප්පතුන් ජනයා සදහා රජය විසින් නොමිලේ පාන් ලබා දුන් අතරපසුව මෙය වෙනත් නගර දක්වා ව්‍යාප්ත කරන ලදී. මැයි මාසයේදී කාබුල් නගරයෙහි පදිංචි පවුල් සඳහා පකිස්තාන්රුපියල්1,000 (එක්සත් ජනපද ඩොලර් 13) ට අඩු විදුලි බිල් මාස දෙකක කාලයක් සඳහා අත්හිටුනූ අතර, පසුගිය මාස දෙකෙහිඋපයෝගිතා බිල්කාපත් වැලකින් සියයට 50 ක් ගෙවන ලදී. 2020 දී ලෝක බැංකුව අරමුදල් විසින් සපයන රීච් වැඩසටහන යටතේසමාජ ආධාර සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.8 ක් පමණ බලධාරීන් විසින් භාවිත කර අතර, ඉතිරි දළ දේශීයනිෂ්පාදිතයෙන් සියයට 0.6 ක් 2021 දී අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට යොදා ගන්න ලදී.
  •  
  • පකිස්තානය , දෛනික වැටුප් සේවකයින් මිලියන 6.2 කට පකිස්ථානු රුපියල් බිලියන 75ක් ද, අඩු ආදායම්ලාභී පවුල් මිලියන12කට වැඩි සංඛ්‍යාවකට පකිස්ථානු රුපියල් බිලියන150ක් ද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ කෘෂිකාර්මික අංශසඳහා පකිස්ථානු රුපියල් බිලියන100ක් බලශක්ති බිල කල් දැමීම, බැංකු ණය දීම, සහනාධාර සහ බදු දිරි දීමනා වශයෙන්ලබා දෙන ලදී.
  •  
  • 2020 දී බංග්ලාදේශ රජය නිවාස නොමැති ජනතාව සඳහා නිවාස යෝජනා ක්‍රමයක් යටතේ බංග්ලාදේශ ටකා බිලියන 21.3 ක්(දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250.9 ක්), වසංගතයෙන් රැකියා අහිමි වූ දුප්පතුන් සඳහා බංග්ලාදේශ ටකා බිලියන15 ක් (දළ වශයෙන් ඩොලර් මිලියන 176.7ක් ), අවදානම් සහිත රජයේ සේවකයින් සඳහා සෞඛ්‍ය රක්‍ෂණයක් ලබා දීමසඳහා බංග්ලාදේශ ටකා බිලියන 7.5 ක් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 88.3ක්) සහ COVID-19 රෝගීන්ටප්‍රතිකාර කරන මහජන සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට බංග්ලාදේශ ටකා බිලියන 7.5 ක් (දළ වශයෙන්ඩොලර් මිලියන 11.8ක්) වෙන් කරන ලදී.  2021 ජනවාරි වලදී, රජය විසින් කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර සහ වසංගත සූදානම ව්‍යාපෘති පිරිවැය බංග්ලාදේශ ටකා බිලියන 56.6 කින් (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 666.7) වැඩිකර, එන්නත්ප්‍රසම්පාදනය, සංරක්‍ෂණය සහ බෙදා හැරීමේ වේද කටයුතු වලට වැඩි අවදානයක් යොමු කරන ලදී.

සටහන: ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තක්සේරුවට සාපේක්ෂව මුදල් අමාත්‍යංශයෙන් උපුටා දක්වන ලද දත්ත වල සුළු වෙනසක් දක්නට ලැබේ.  මුදල් අමාත්‍යංශයේ අගය, 2020, රුපියල් බිලියන 170ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.1% ක් වේ. කෙසේ වෙතත්, සංසන්දනය කරන කල්හි මෙයද  අනෙකුත් දකුණු ආසියානු රටවලටවලට වැඩියෙන් බෙහෙවින් අඩු ප්‍රතිශතයක් ගනී.

මූලාශ්‍රය

  1. COVID-19 සඳහා ප්‍රතිපත්ති ප්‍රතිචාර: ප්‍රතිපත්ති පථය, 2021 ජූනි. https://www.imf.org/en/Topics/imf-and-covid19/Policy-Responses-to-COVID-19
  2. 2. ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය, මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය ස්ථාන වාර්තාව-2021
  3. ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයෙන් පළකරන ලද කොවිඩ් -19 දත්ත https://ourworldindata.org/coronavirus
2021-09-01
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න