2022 දී ශ්‍රී ලංකාවේ රජය –මධ්‍යම රජය මෙන්ම පළාත් මට්ටමින් ද–ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික අධ්‍යාපනය ඇතුළු සියලුම මට්ටම්වල අධ්‍යාපනය සඳහා වෙන් කර තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ අධ්‍යාපනය සඳහා රජය දරන වියදම සැලකූ විට තෙවනුවට අඩුම මුදලක් වැය කරන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ඊට වඩා අඩු මුදලක් වැය කර ඇත්තේ හයිටි රාජ්‍යය සහ ලාඕසය යන රටවල් පමණි.
දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහ අඩුම වියදමක් දරන රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් මීට වඩා වැඩි කොටසක් වෙන් කරන අඩු සංවර්ධනයක් සහිත රටවල් හා සසඳන විට මෙම අඩු ආයෝජනය වඩාත් කැපී පෙනේ. නිදසුනක් වශයෙන්, සියරා ලියෝන් සියයට 8.8 ක් ද, මාලි රාජ්‍යය සියයට 4 ක ප්‍රතිශතයක් ද උගන්ඩාව සියයට 2.6 ක ප්‍රතිශතයක් ද ඒ සඳහා වෙන් කරයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය වෙත ලැබෙනුයේ සාපේක්ෂ වශයෙන් අඩු අරමුදල් ප්‍රමාණයක් බව මෙම සැසඳීම් මගින් අවධාරණය කෙරේ.
ශ්‍රී ලංකාව සහ මෙම රටවල් අතර ඇති මෙම කැපී පෙනෙන වෙනස මෙරට අයවැය ප්‍රමුඛතා සහ මෙමගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි ඇති විය හැකි දිගු කාලීන බලපෑම් පිළිබඳව විවේචනාත්මක ප්‍රශ්න මතු කරයි. ආර්ථික සංවර්ධනය සහ මානව සමෘද්ධිය ඇති කිරීමට අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන අරමුදල්වල සැලකිය යුතු වැඩි වීමක් නොමැතිව මානව ප්රාග්ධනය සහ ආර්ථික ප්‍රගතිය යන දෙඅංශයෙන්ම සිය අනාගත තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ශ්‍රී ලංකාවට අභියෝගාත්මක විය හැක.
සටහන:
ලෝක බැංකුවේ දත්ත ගබඩාව 2020 සිට රටවල් 163 ක් සඳහා දත්ත ලබා දී ඇත.
අඩුම මුදලක් වැය කරන රටවල් 5 ට මිලියන 1 ට අඩු ජනගහනයක් සහිත රටවල් ඇතුළත් කර නොමැත. මේ අනුව ඇතුළත් කර නොමැති එකම රට මොනාකෝ වන අතර එය අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.4% ක් වෙන් කර ඇත.
ශ්‍රී ලංකාවට අදාළ සංඛ්‍යාලේඛන, අධ්‍යාපනය සඳහා මධ්‍යම රජයේ හා පළාත් සභාවල වියදම් කොටස් ද්විත්වයම ආවරණය වන පරිදි, ක්‍රියාකාරිත්වය මත පදනම් වූ මහ බැංකු වර්ගීකරණයෙන් ලබාගෙන ඇත.
මූලාශ්‍ර
ලෝක බැංකුව. "අධ්‍යාපනය සඳහා රජයේ වියදම්, මුළු (දළ දේශීය නිෂ්පාදිතයෙන් %)" https://data.worldbank.org/indicator/SE.XPD.TOTL.GD.ZS?end=2014&locations=BT-AF-LK-IN-MV-NP-PK-BD&start=1971 [අවසන් වරට ප්‍රවේශය 2024 ඔක්තෝබර් 10].
ශ්‍රී ලංකා මහ බැංකුව. "වාර්ෂික වාර්තා." https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශය 2024 ඔක්තෝබර් 10].