රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මෑතකදී සිදු වූ මිල අඩු කිරීමෙන් පසු 92 ඔක්ටේන් පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලට මොකද වුනේ?

2024 මැයි 31 වන දින ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන ලදී. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 13 කින් අඩු කළ අතර, ඒ අනුව එහි මිල රුපියල් 355 ක් විය. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 317 ක් දක්වා අඩු කළ අතර එහි රුපියල් 16 ක අඩුවීමක් දක්නට ලැබුණි.  

කෙසේ වෙතත්, මෙම අඩු කිරීම් සිදුකිරීමෙන් පසුවත්, ඉන්ධන මිළ ට්‍රැකරය - Fuel Price Tracker  පෙන්වා දෙන පරිදි පෙට්‍රල් සහ ඩීසල්වල වර්තමාන වෙළඳපොළ මිල ගණන් තවමත් ඉන්ධන මිල සූත්‍රය භාවිතයෙන් ගණනය කරන ලද මිලට වඩා ඉහළ මට්ටමක පවතී. 2024 ජූනි 03 දින වන විට පෙට්‍රල් සහ ඩීසල් සඳහා වෙළෙඳපොළ මිල ගණන් පිළිවෙළින් සූත්‍ර මිලට වඩා රු.18.43 ක් සහ රු. 19.86 කින් ඉහළය.  

පෙට්‍රල් සඳහා රුපියල් 27කින් සහ ඩීසල් සඳහා රුපියල් 17කින් සූත්‍ර මිල අඩු විය. නමුත්, රජය පෙට්‍රල් මිළ රු.13 කින් සහ ඩීසල් මිළ රු.16 කින් පමණක් අඩු කළේය.  

මීට අමතරව, පෙට්‍රල් සඳහා රුපියල් 140 ක් සහ ඩීසල් සඳහා රුපියල් 106 ක් ද රජය බදු ලෙස අය කරයි. මෙම බදු හැරුණු විට පෙට්‍රල් ලීටරයක් අලෙවි කිරීමේ පිරිවැය රුපියල් 197 ක් වන අතර ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 192 ක් වේ. 

2024-06-14
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න