2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 9 වන වගන්තියට අනුව යටිතල පහසුකම් ව්‍යාපෘතියක් භාර අමාත්‍යවරයා විසින් අදාළ ව්‍යාපෘති තොරතුරු අනාවරණය කළ යුතුය. පිළිවෙලින් ඇ.ඩො. 100,000 සහ රු. 500,000කට වැඩි විදේශීය සහ දේශීය ව්‍යාපෘතිවල තොරතුරු, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවම වශයෙන් මාස තුනකට පෙර කල්තියා හෙළිදරව් කිරීම අවශ්‍ය වේ. ව්‍යාපෘතියකට අදාළ තොරතුරු කාණ්ඩ පහක් යටතේ ප්‍රසිද්ධියට පත් කළ යුතුය: ව්‍යාපෘතියේ විස්තර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ ප්‍රතිලාභීන්ගේ විස්තර, ව්‍යාපෘතියේ අයවැය සහ මුල්‍ය වාර්තා, ව්‍යාපෘතියට අදාළ අනුමැතීන්, ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන තොරතුරු සහ කොන්ත්‍රාත්තු, යනාදිය එම කාණ්ඩ 5 වේ.
PublicFinance.LK හි ඇති යටිතල පහසුකම් විපරම මුහුණතින් (Infrastructure Dashboard) අනාවරණය වන්නේ තොරතුරු දැනගැනීමේ පනත ට අදාළව ප්‍රගාමී හෙළිදරව් කිරීමක් අවශ්‍ය වුවද, නීතිය යටතේ හෙළිදරව් කළ යුතු තොරතුරුවලින් 36%ක් පමණක් හෙළිදරව් කර ඇති බවයි.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත බලාත්මක කර වසර අටක් ගතවී ඇතත්, රජයේ ප්‍රගාමී තොරතුරු හෙළිදරව් කිරීම තවමත් දුර්වල මට්ටමක පවතින බව දක්නට ලැබීම කණගාටුදායක ය.
රාජ්‍ය වියදම්වල දූෂණය බොහෝ විට රාජ්‍ය ප්‍රසම්පාදනය හා සම්බන්ධ ව පවතී. යටිතල පහසුකම් විපරමට අනුව ප්‍රසම්පාදනයට අදාළ තොරතුරු හෙළිදරව් කිරීම පවතින්නේ 21% ක් තරම් අඩු මට්ටමක ය. එසේම ව්‍යාපෘති අනුමත කිරීම් සහ නිෂ්කාශන පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම 16% ක් තරම් ඉතා අඩු මට්ටමක පවතියි.
විදේශීය අරමුදල් සහිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ගත් කල, ඒවා ද නීතියට අනුකූලවීම දුර්වල තත්වයක පවතී. 2024දී රජය විසින් විදේශීය අරමුදල් සහිත ව්‍යාපෘති සඳහා අවශ්‍ය තොරතුරුවලින් නිකුත් කර ඇත්තේ 40% ක් පමණි. ව්‍යාපෘති සඳහා ණය සහ ප්‍රදානයන් ලබාදීම තොරතුරු දැනගැනීමේ පනතෙහි නියමයන් හා සම්බන්ධ කිරීමෙන් විදේශීය ණය දෙන්නන්ට විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා උපකාර කළ හැකිය.
විනිවිදභාවය වැඩි දියුණු කිරීම ශ්‍රී ලාංකේය මහජනතාවට පමණක් නොව, මෙම ව්‍යාපෘතිවලට සම්බන්ධ ණය දෙන්නන් සහ ගිවිසුම්කරුවන්ට ද ප්‍රතිලාභ ගෙනදෙන්නක් වේ.
වැඩි විස්තර සඳහා, යටිතල පහසුකම් විපරම මුහුණත වෙත පිවිසෙන්න: Infrastructure Watch