රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මැතිවරණයට වෙන් කර ඇති මුදල් වියදම් වන්නේ කොහොම ද?

මහ මැතිවරණය පැවැත්වෙන දිනය අත ළඟ වන අතර ඒ සඳහා රජය රුපියල් බිලියන 11 ක් වැය කිරීමට අපේක්ෂා කරයි. 2024 වර්ෂයට අදාළ ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් බිලියන 5 ක් මීට ඇතුළත් කර ඇති අතර ඉතිරි රුපියල් බිලියන 6 ලබන වසරේ අයවැය හරහා වෙන් කිරීමට නියමිතය.  

මෙය 2020 දී වැය කරන ලද  රුපියල් බිලියන 5.7 ට සාපේක්ෂව 93% ක වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, රජය විසින් මැතිවරණයක් සඳහා වෙන් කරනු ලබන මුළු මුදල සම්පූර්ණයෙන්ම වියදම් නොකරන අවස්ථා ද පවතී. පසුගිය 2020 මහ මැතිවරණය සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 8 න් රජය විසින් වැය කරන ලද්දේ රුපියල් බිලියන 5.7 ක් පමණි.  

2020 දී දරන ලද වියදම් අතුරින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මැතිවරණ කාර්ය මණ්ඩලයේ වැටුප්, අතිකාල ‌ගෙවීම් සහ දීමනා සඳහා වැය කර ඇති අතර එය රුපියල් බිලියන 3.2 ක් (මුළු වියදමෙන් 56%) විය. අනෙකුත් සැලකිය යුතු පිරිවැය අතර ඉන්ධන සහ වාහන කුලී සඳහා වැය කරන ලද රුපියල් මිලියන 499 ක මුදල ද, මුද්‍රණ කටයුතු සඳහා වැය කළ රුපියල් මිලියන 463 ක මුදල ද විය. එම වියදම්වල සම්පූර්ණ විස්තර පහත අංක 1 වගුවෙහි දක්වා ඇත. 

වගුව 1: මහ මැතිවරණය සඳහා වියදම් 

කාණ්ඩය 

පිරිවැය 

මුළු වියදමෙන් % ක් ලෙස 

කාර්ය මණ්ඩල වැටුප්, අතිකාල ගෙවීම් සහ දීමනා 

3,205,284,448.52 

56% 

ඉන්ධන හා වාහන සඳහා පිරිවැය 

499,475,785.00 

 

වාහන සඳහා කුලිය 

263,464,532.40 

9% 

ඉන්ධන 

236,011,252.60 

මුද්‍රණ කටයුතු සඳහා පිරිවැය 

463,369,408.87 

8% 

විදුලිය, දුරකථන, ජලය සහ වෙනත් සේවා 

374,944,883.63 

                               

ජලය සහ දුරකථන ඇතුළු සේවාවන්; සහ වෙනත් වියදම් 

186,956,579.56 

7% 

විදුලිය 

187,988,304.07 

සුබසාධන වියදම් 

302,869,916.80 

5% 

ලිපිද්‍රව්‍ය / කාර්යාල උපකරණ වැනි වියදම් 

225,751,656.27 

4% 

සෞඛ්‍ය ආරක්ෂක ද්‍රව්‍ය සහ උපකරණ 

213,771,502.15 

4% 

ඡන්ද මධ්‍යස්ථානවල පහසුකම් 

212,147,547.26 

4% 

වෙනත් 

229,967,810.69 

 

ප්‍රචාරණය (ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සිදු කළ ගෙවීම් ඇතුළුව) 

52,974,076.00 

4% 

නවාතැන්, ගොඩනැගිලි කුලී 

14,755,284.90 

මුද්දර හා තැපැල් ගාස්තු 

1,456,175.00 

ඉදිකිරීම් හා අලුත්වැඩියා 

104,814,810.47 

නීති විරෝධී ප්‍රදර්ශන පුවරු ඉවත් කිරීම 

55,967,464.32 

මුළු වියදම 

5,727,582,959 

 

සටහන 

 "වෙනත්" යන කාණ්ඩයට වෙළඳ දැන්වීම්, නවාතැන් සහ ගොඩනැගිලි කුලී, මුද්දර සහ තැපැල් ගාස්තු, ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම් සහ නීති විරෝධී ප්‍රදර්ශන පුවරු ඉවත් කිරීම ඇතුළත් වේ.

මූලාශ්‍රය 

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් පළ කරන ලද 2020 පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ වාර්තාව https://elections.gov.lk/web/wp-content/uploads/2018/09/Publication_Report_Par_Ele_2020_E.pdf   [අවසන් වරට ප්‍රවේශය: 2024 නොවැම්බර් 11] 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, "කැබිනට් තීරණ 2024 සැප්තැම්බර් 30" නිවේදනය https://www.dgi.gov.lk/news/cabinet-decisions/4704-cabinet-decisions-2024-09-30  [අවසන් වරට ප්‍රවේශය 2024 නොවැම්බර් 11] 

2024-11-12
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න